ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

ඇමෙරිකානු මැතිවරණය: ජෝ බයිඩන් පෙන්සිල්වේනියාවේ ඉදිරියෙන්

පෙන්සිල්වේනියාවේ මැතිවරණ නිලධාරීන් අනාවරණය කළ පරිදි, මේ වනවිට ප්‍රාන්තයේ ඡන්ද 98%ක් පමණ ගණන් කොට තිබෙන අතර, ජෝ බයිඩන් ජනාධිපති ට්‍ර්ම්ප්ට වඩා ඡන්ද 5,587 ක් ලබාගෙන ඉදිරියෙන් සිටී.

පෙන්සිල්වේනියා ජයග්‍රහණය කළහොත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම පිණිස අවශ්‍ය ඡන්ද විද්‍යාල ඡන්ද 270 ඔහුට හිමිවනු ඇත.

නිව්යෝක් නුවර සිටින බීබීසී වාර්තාකරු නික් බ්‍රයන්ට් පවසන පරිදි, මෙය ජනපතිවරණයේ තීරණාත්මක අවස්ථාවකි.

ජෝර්ජියා, නෙවාඩා සහ ඇරිසෝනා ප්‍රාන්තවල ද ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින නමුත් ජනපතිවරණය ජය ගැනීම පිණිස පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහණය පමණක් ප්‍රමාණවත් බවත් බීබීසී වාර්තාකරු පෙන්වා දෙයි

.Skip Twitter post, 1https://platform.twitter.com/embed/index.html?creatorScreenName=bbcsinhala&dnt=false&embedId=twitter-widget-0&frame=false&hideCard=false&hideThread=false&id=1324711219828281345&lang=en&origin=https%3A%2F%2Fwww.bbc.com%2Fsinhala%2Fworld-54779947&siteScreenName=bbcsinhala&theme=light&widgetsVersion=ed20a2b%3A1601588405575&width=550px

End of Twitter post, 1

ඇමෙරිකානු මැතිවරණය