කොරෝනා නිසා දිලිත් ජයවීරගේ කරල පහේ..! කොවිඩ් 19 ටෙස්ට් කිට්ස් ආනයනය කිරීමත් දිලිත්ගේ සමාගමටම
කොරෝනා ව්‍යසනය බොහෝ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර වලට බරපතල බලපෑම්ක් එල්ල කලද දෙරණ නාලිකාවේ හිමිකරුවන දිලිත් ජයවීරට නම් එය ධන ඉල්ලමක් වී ඇත. එසේ වන්නේ කොවිඩ් 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක PCR පරීක්ෂණවලට අමතරව ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙන අතර ඒ සදහා අවශ්‍ය ටෙස්ට් කිට්ස් ආනයනය කිරීමේ අවස්ථාවද ආණ්ඩුවේ ඉහලම බලවතාගේ මැදිහත්වීමෙන් දිලිත් ජයවීරට අයත් ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම විසින් හිමිකර ගැනීමත් සමගයි.
ආසාදිතයන් වැඩි වශයෙන් හඳුනාගැනීමේ අවශ්‍යතාව ඉහළයාමත් සමඟ “ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ” මගින් කොවිඩ් -19 ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගියදා තීරණය කරනු ලැබීය.
කොරියාවේ සිට මෙම ටෙස්ට් කිට්ස් ලක්ෂ දෙකක් මේ වනවිට ආනයනය කර ඇති අතර තවත් ටෙස්ට් කිට්ස් ලක්ෂ 08ක් රැගෙන ඒම සදහා ලබන සදුදා (09) විශේෂ ගුවන් යානයක් සෝල් නුවර බලා පිටත්වීමටද නියමිතය.
මීට පෙරද කොරෝනා පලමු රැල්ල අවස්ථාවේ අත් පිරිසිදු කරගැනීම සඳහා විෂබීජ නාශක දියර (Hand sanitizers/ Alcohol rub) සදහා ටෙන්ඩර් කැදවු අවස්ථාවේදී අනෙකුත් සමාගම් වල ටෙන්ඩර් ඉවතදමා දිලිත් ජයවීරගේ සමාගමකට එම ටෙන්ඩරය රජයේ ඉහල නියෝගයකින් ලැබුණ අතර ඒ සදහා අවශ්‍ය වන එතනෝල් ලබාගැනීමේ අවසරයද ඔහුගේ සමාගමට හිමිවිය.
මේ ආකාරයට කොරෝනා ව්‍යසනය තමන්ට ධන නිධානයක්කරගත් දිලිත් ජයවීර කොරෝනා ආශ්‍රිතයින් හා විදෙස් සිට පැමිණෙන පිරිස නිරෝධායනය කිරීම සදහා තමන්ට අයත් වස්කඩුවේ පිහිටි කාමර 150ක හෝටලය පරිත්‍යාග කරන බවට ප්‍රචාරය කර දැවැන්ත ප්‍රෝඩාවක්ද කලේය. තම හෝටලය නොමිලේ ලබාදෙන බව මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කලද එහි නිරෝධානය වුයේ දිනකට රුපියල් 10000ක් ගෙවා ඉඩවෙන්කරගත් අය පමණි.
මේ ආකාරයට කොරෝනා ව්‍යසනය රටේ බහුතර ජනතාවකට තම ජීවනෝපාය අහිමි කලද ව්‍යාපාරිකයින්ගේ කටයුතු අඩපන කලද දිලිත් ජයවීරට එය තම ව්‍යාපාර කටයුතු තරකරගැනීමට මහගු අවස්ථාවක්වී තිබෙන බව පෙනී යයි.

