මත්තල ගුවන්තොටුපල ඇමෙරිකානු ගුවන් සමාගමකට
ඇමෙරිකාවේ ” ස්පාර්ක් එයාර්” සමාගම මයාමි නගරයේ සිට ගුවන් තොරතුරු සඟරාවකට ප්‍රකාශකොට ඇත්තේ තම සමාගම 2021 සිට ශ්‍රී ලංකාවේ මත්තල ගවන්තොටුපල පදනම් කරගෙන ගුවන්සේවාවක් ආරම්භ කරන බවය.
එම සමාගමේ ප්‍රකාශය අනුව මත්තල ගුවන්තොටුපලේ බිම් මට්ටමේ සේවාවන් එම සමාගම විසින් සිදු කරන අතර මත්තල ගුවන්තොටුපල තුල ගුවන්යානා රඳවන හැන්ගර්ස් සහ අළුත්වැඩියා මධ්‍යස්ථානයක් ද ක්‍රියාත්මක කරනු ඇත.
පළමු වටයේදී භාණ්ඩ ප්‍රවාහනය සඳහා A330 ගුවන්යානා දෙකක් යොදා ගන්නා බවත් ගුවන්තොටුපල ආශ්‍රිතව රැකියා 2000ක් ශ්‍රී ලංකා පුරවැසියන්ට ලබා දෙන බවත් එම සමාගම පවසයි.
පසුගිය ආණ්ඩුව සමයේ මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට විකිණීමේ සුදානමක් පැවති බව පවසමින් එවකට ඒකාබද්ධ විපක්ෂය ලෙස වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයින් ඊට ප්‍රබල විරෝධයක් එල්ලකරන ලදි. කෙසේ වෙතත් මේ වනවිට පාඩු ලබමින් පවතින මත්තල ගුවන් තොටුපල ඇමෙරිකාවේ ” ස්පාර්ක් එයාර්” සමාගමට පැවරීමට සුදානම්වේ
මූලාශ්‍ර – airwaysmag.comlines