ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookForeignSlider

සිය මරණය සජීවීව පෙන්වීමට උත්සහ කළ පුද්ගලයාට Facebook ආයතනයෙන් වාරණයක්

සුව කළ නොහැකි රෝගී තත්ත්වයකින් පෙළෙන ප්‍රංශ ජාතිකයෙකු තම මරණය සජීව ලෙස විකාශය කිරීමට දරණ උත්සාහය වළක්වන බව ෆේස්බුක් ආයතනය පවසයි.

57 හැවිරිදි අදාළ පුද්ගලයා ඊයේ (05) සිට ඖෂධ, සහ ආහාර පාන ලබාගැනීම ප්‍රතික්ෂේප කර මරණයට සූදානම් වන බව වාර්තා වේ.

ස්වයං මරණය සඳහා අවසර දෙන ලෙස අදාළ පුද්ගලයා ජනාධිපති එමානුවල් මැක්‍රොන්ගෙන් ඉල්ලීමක් කර තිබුණ ද ඒ සඳහා නීතිමය ඉඩකඩක් නොමැති බව පවසමින් ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේවුව ද අදාළ පුද්ගලයා ෆේස්බුක් පණිවිඩයක් ඔස්සේ සඳහන් කර ඇත්තේ තමා මරණයට සූදානම් බවත් එම වෙනස ෆේස්බුක් ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට සුදානම් බවත් ය.
එහෙත් ඔහුගේ ගිණුමේ සජීව විකාශයට ඇති අවස්ථාව ලබන 08 වැනිදා දක්වා අවහිර කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.