බුකියෙන් රට කැළඹු ‘අම්මලාට ආසා කොල්ලෝ’ ෆේස්බුක් පිටුවේ ක්‍රියාකරු පොලිස් නිලධාරියෙක් – ගම්පහ පොලිසියෙන් අත්අඩංගුවට ගනී
සමාජය තුළ මහත් ආන්දෝලනයට තුඩුදුන් ෆේස්බුක් සමූහයක් වූ ‘අම්මලාට ආසා කොල්ලෝ’ සමූහය පවත්වාගෙන ගිය එහි ක්‍රියාකරු වූ 27 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැඩි සේ විවේචනයට ලක් වූ මෙම ෆේස්බුක් සමූහය පිළිබඳව එම අංශය විසින් සිදුකළ විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වනවා..
සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා මීට වසරකට ඉහතදී පොලිස් සේවයට බැඳී ඇති බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු ගම්පහ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියා. ඔහු අවිවාහකයකු අයෙකු වනවා.
මෙම සමූහයේ සාමාජිකයෝ 6000කට ආසන්න පිරිසක් සිටිනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, එහි අධ්යක්ෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්, කාන්තා ජේයෂ්ඨ පොලිස් අධිකාරිනි දර්ශිකා කුමාරි යන නිලධාරීන්ගේ ඍජු අධීක්ෂණය යටතේ එහි සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉෂාර ගයශ්රි මහතා ඇතුළු නිලධාරීහු මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සිදු කරනවා.

