කොළඹ -නුවර නගරාන්තර සීඝ්රගාමී දුම්රියේ පොල්ගහවෙලදී මෝටර් රථයක් ගැටේ
පොල්ගහවෙල ප්රදේශයේ දී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීඝ්රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටී තිබේ.
අද (14) උදෑසන සිදු වු එම අනතුරින්, මෝටර් රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇති බව පොල්ගහවෙල පොලීසිය පැවසීය.
අදාළ අනතුරින් මෝටර් රථය අසල ඇති වෙළකට විසි වී ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.