ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වැලිකඩ සිරකරුවන් 27ක් ඝාතනයේ චූජිතයන් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට සූදානම්

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් පිරිසක් ඝාතනය කළ බවට එල්ල කර තිබෙන චෝදනාව පිළිබඳව විත්තිකූඩුවේ සිට විත්තිවාචකයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා යන අය අද (31) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම නඩුව අද (31) ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී නඩුවේ විත්තිකරුවන්ගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම චෝදනාව සම්බන්ධයෙන් තම සේවාදායකයින් විත්තිකූඩුවේ සිට සිය විත්තිවාචකය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය.

ඊට අමතරව විත්තිකරුවන් වෙනුවෙන් සාක්ෂිකරුවන් කැඳවීමට පියවර ගන්නා බවද එම නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව මෙම නඩුව නැවත අගෝස්තු මස 19 වන දා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින විත්තියේ සාක්ෂි සටහන් කරගැනීම ආරම්භ කරන බව නිවේදනය කළේය.