අංගොඩ ලොක්කාගේ කුඩු ජාවාරමට සහය වූ කිලෝ15ක බරක් උස්සන උකුස්සෙකු අල්ලයි [PHOTOS]
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා හෙරොයින් ජාවාරම සඳහා යොදාගත් බවට සැක කෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලිසියේ බුද්ධි අංශ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බවට සැලකෙන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.