ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරය ජයන්ත ධර්මදාසට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඒකමතිකව එම තීරණය ගත් බව පැවසේ.

ජයන්ත ධර්මදාස මහතා එම තනතුරට පත්කර ඇත්තේ කේ. මතිවානන් මහතා ඔහු දැරූ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ය.

ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවය.

නමුත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මතිවානන් මහතාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඒකමතික තීරණයක් ගෙන තිබු පසුබිමක ඔහු තම තනතුරෙන් ඉල්ලා අස්‌වී ඇති බවය.