ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

IPL සැප්තැම්බර් 19 ඇරඹෙයි

2020 ඉන්දියානු පි‍්‍රමියර් ලීග් (IPL) තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ලබන සැප්තැම්බර් 19 වැනිදා සිට නොවැම්බර් 08 වැනිදා තෙක් කාල සීමාව ඊට යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි අයි පී එල් සංවිධායකයින් පවසයි.

මෙවර විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟමාලාව කල් යාම හේතුවෙන් එම කාලසීමාව ලබා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇත.

මෙවර අයි පී එල් තරඟමාලාව සම්බන්ධ නිල තීරණ නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ගේ අවසරය ලැබුණහොත් නරඹන්නන් කැඳවීමටද බලාපොරොත්තු වන බව සංවිධායකයින් සඳහන් කරයි.

පසුගිය අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතවු අයි පී එල් තරඟමාලාව කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමනු ලැබීය.