මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට
පුත්තලමේ සිදුවූ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සුරාබදු පරීක්ෂකවරයෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම පොලීසියේ උසස් නිළධාරියෙකු සදහන් කළේ සැකකරු ඊයේ රාත්‍රියේ පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.
මොහු පුත්තලම සුරාබදු කාර්යාලයට අනුයුක්තව සේවය කර ඇති අතර, කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පසුගිය 23 වන දා අලූයම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125ක සමඟ සුරාබදු නිලධාරියෙකු ඇතුළු 8 දෙනෙකු පුත්තලම නගරයේදී කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම අවස්ථාවේදී සුරාබදු පරීක්ෂකවරයා එහි සිට තිබූ අතර පොලීසිය පැමිණීමත් සමඟ ඔහු පළා ගොස් තිබුණා.
පළමුව අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා ඊයේ සේවයෙන් පහ කර හැරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කළා.