ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කවුළුවකින් එළියට බැස බටයක ආධාරයෙන් බිමට බැස කොරෝනා රෝගියා කොළඹ සැරි සැරූ හැටි හෙළිවේ

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය කොරෝනා ආසාදිත රෝගියා පිටකොටුවට පැමිණ ඉන් පසුව කොළඹ ජාතික රෝහල අසලට පැමිණ ඇතැයි ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

කුඩු නොමැති නිසා ඇතුළු වූ ‘සික්’ එක නිසා රෝහලෙන් පැනගොස් ඇත්තේ සිකුරාද (24) අලුයම 2.00ට පමණයි.ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් විසින් මෙම රෝගියා ජාතික රෝහල අසලදී අල්ලා ගත්තේ එදින පෙරවරු 11.00 ට පමණය.

තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයකු වන මොහු මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා රෝහලෙන් පැන පිටකොටුව ප්‍රදේශයට ගොස් පසුව කොළඹ ජාතික රෝහල අසලට පැමිණ සිටියදී අල්ලා ගනු ලැබුවා.

හතළිස්එක් හැවිරිදි මෙම පුද්ගලයා ත්‍රිකුණාමලය, වල්ලිමලර්, සින්නම්පිල්ලෙසිමෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටියදී ඉකුත් 15වැනිදා කොරෝනා වයිරසය ආසාදනය වී මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර සිටියා.

මෙලෙස අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියා සිකුරාදා (24දා) අලුයම 2.00ට පමණ කවුළුවකින් එළියට බැස බටයක ආධාරයෙන් බිමට බැස පලාගොස් තිබුණා.

මොහු රෝහලේ සිට ගමන්ගත් බව කියන ත්‍රිරෝද රථ රියැදුරෙක්ද හඳුනාගෙන ඔහුව නිරෝධායනයට යොමුකර ඇති අතර මෙම රෝගියා ආගිය හා ආශ්‍රය කළ සියලුදෙනා හඳුනාගෙන නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

අලුයම් කාලයේ මොහු එහෙ මෙහෙ ගිය නිසා වයිරසය ප්‍රජාව අතරට පැතිරයෑමේ අවදානමක් නැතැයි පොලිස් මාධ්‍ය ඒකකය කියා සිටිනවා.