ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

ෆේස්බුක් ලංකාවට වෙනස් වෙයි – වැරදිවලට ඉඩ නෑ

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් විසින් පළ කරන වැරැදි තොරතුරු පාලනය කිරීමට මේ වන විට වැඩි අවධානයක් යොමුකර ඇති බව මෙරට ෆේස්බුක් නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කරනවා.

ඒ සඳහා ශ්‍රී ලංකාවටම කැපවූ ප්‍රතිපත්තියක්, වැඩසටහන් කළමනාකරුවන් සහ දේශීය පාර්ශ්වකරුවන් සමග සම්බන්ධ වී කටයුතු කරමින් සිටින බවද ‘ෆේස්බුක්’ සඳහන් කර සිටිනවා.

මේ වනවිට ෆේස්බුක් ආයතනය විසින් සිංහල භාෂා “වෛරීකථන තාක්ෂණය” උපයෝගී කර ගන්නා බවත් එමගින් එවැනි ප්‍රකාශ හා අන්තර්ගතයන් කල්තියාම හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් පවසනවා. ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ෆේස්බුක් ආයතනය සිය දේශීය යාන්ත්‍රණයේ වෙනස්කම් හඳුන්වාදී ඇති අතර අයහපත් බලපෑම් සහගත අන්තර්ගතයන් නැවත හුවමාරු කිරීම සීමා කර ඇති බවද සඳහන් කරන ෆේස්බුක් කණ්ඩායම සිය ප්‍රමිතීන් උල්ලංඝනය කරන පරිශීලකයන් පිළිබඳව වාර්තා තැබීම කඩිනමින් සිදුකරන බවද පෙන්වා දෙනවා.

දැනට ගෝලීය වශයෙන් 35,000කට අධික සේවක පිරිසික් මගින් ක්‍රියාත්මක වන ෆේස්බුක් කණ්ඩායමට ශ්‍රී ලංකාව වෙනුවෙන් සිංහල හා දෙමළ භාෂා සමග කටයුතු කරන නියෝජිතයන් පිරිසක්ද ඇතුළත් බවද ෆේස්බුක් ප්‍රකාශ කරනවා.