පොඩි හාමුදුරුවන්ට බරපතළ ලිංගික අතවර කළ හිමිනම අත්අඩංගුවට – සොහොයුරාටත් විටින් විට අතවර කරලා
අනුරාධපුර පොලිස් වසමේ පිහිටි ආරණ්‍ය සේනාසනයක වැඩවිසූ බාලවයස්කාර සාමණේර හිමිනමක් හා උන්වහන්සේගේ සහෝදරයාට බරපතළ ලිංගික අතවරයක් කළ චීවරධාරී තැනැත්තකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ළමා රක්ෂණ අධිකාරියේ හදිසි ඇමැතුම් අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය, සැකකාර ආරණ්‍ය සේනාසනයේ වැඩවසනා චීවරධාරියා අත්අඩංගුවට ගෙන තිබුණා.
කොවිඩ් – 19 වසංගතය නිසා සාමණේර හිමියන්ගේ වැඩිමහල් සහෝදරයා වන 15 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවාත් ආරණ්‍ය සේනාසනයට නිවාඩු ගතකිරීමට පැමිණ තිබෙන අතර වයස්ගත චීවරධාරියා විසින් විටින් විට බාලවයස්කරුවන් දෙදෙනාටම අතරවර සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් වයස්ගත චීවරධාරියා පාදයක ආබාධයක් නිසා අත්වාරුක් පවා භාවිත කරන බව පවසන පොලිසිය ඔහුගෙන් ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගන්නා බව පොලිසිය පවසනවා.