ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඊයේ කොරෝනා රෝගීන් 66න් 31ක් නාවික හමුදාවේ

ඊයේ (03) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයින් 66 දෙනා අතරින් 31 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

සෙසු කොරෝනා රෝගීන් අතරින් කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය 19කි. බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි අය ගණන 14ක් වන අතර කුවේට් රාජ්‍යයේ සිට පැමිණි අය දෙදෙනෙකු ද කොරෝනා ආසාදිතයින් වශයෙන් වාර්තා වී තිබේ. 

සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1749කි.