ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඇප දෙන්න බන්ධනාගාර නියාමක ලක්ෂ 8ක අල්ලස් ගනී – රැඳවියා සියල්ල හෙළි කරයි

අධිකරණයේ විභාග වන නඩුවකට අදාල වාර්තාවක් වෙනස් කර දීමට බව පවසා මාතර බන්ධනාගාරයේ රැඳවූකුගෙන් මුදල් ලබා ගත් බන්ධනාගාර නියාමකවරයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අදාල නිලධාරියා ලබාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 8 ක් බවයි පැවසෙන්නේ.

මුදල් ලබා ගත්තත් ඊට අදාල කාර්ය බන්ධනාගාර නිලධාරියා විසින් සිදුකර නොමැති බවද බන්ධනාගාර ආරංචි පැවසවා.

අදාල රැඳවියා ඇප ලබා බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති අතර පසුව සැකකාර බන්ධනාගාර නිලධාරීයාගෙන් ඔහු ලබාදුන් මුදල ඉල්ලා තිබෙනවා.

එහෙත් එම මුදල නොලැබීම හේතුවෙන් අදාල රැඳවූවා මාතර බන්ධනාගාර අධිකාරිවරයාට පැමිණිලි කර තිබෙන බවයි පැවසෙන්නේ. ඒ අනුව බන්ධනාගාර නියාමකවරයාට එරෙහිව මාතර බන්ධනාගාර අධිකාරීවරයා විසින් පරීක්‍ෂය ආරම්භ කර තිබෙනවා.