නන්දසේනගේ ආණ්ඩුවේ සියළු නීති සාමාන්‍ය ජනතාවට පමණයි..! තොණ්ඩමන්ගේ අභාවය නිරෝධායන නීති කැඩුවට පස්සේ ඇඳිරි නීතිය දායි
පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍යවරයකු වූ ආරුමුගම් තොණ්ඩමන් ගේ අභාවය සම්බන්ධ අවසන් කටයුතුවලට නිරෝධායන නීති අදාළ නොවීම ගැන සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් මතුව තිබේ.
එහිදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කර සිටින්නේ පසුගිය සමයේ කිසිදු අවමගුලක් සඳහා ලබානොදුන් අවස්ථාවක් අමාත්‍යවරයකු සම්බන්ධව විශේෂ කොට ලබාදීම සහ නිරෝධායනය ගැන පාරම්බාන බලධාරීන් ඒ ගැන මුනිවත රැකීමය.
ආරුමුගම් තොන්ඩමන් වෙනුවට ඉදිරි මැතිවරණයට තරඟ කරන්නට යෝජනා වී ඇති අපේක්ෂකයා කදුකරයේ මැතිවරණ කොට්ඨාස ගණණාවක් ඔස්සේ විවෘත රථයක නැගී ගමන් කරමින් මැතිවරණ නීති මෙන්ම නිරෝධායන නීති ද අමුඅමුවේ උල්ලංඝනය කරන ආකාරය අද(29) දින දැකගත හැකිවිය.


අවම වශයෙන් මේ සම්බන්ධව කිසිදු අදහසක් දැක්වීමට කොන්දක් ඔවුන් කිසිවෙකුට තිබෙනු දක්නට ලැබුණේ ද නැත.
එපමණක් නොව අන්ත ඊනියා දේශප්‍රේමීන් සහ ඊනියා ජාතිවාදීන් පවා නිහඬව සිට තම ප්‍රෝඩාව තහවුරු කෙරිණ.

එපමණක් නොව නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි සිදු කරනු ලැබූ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවකුවන ලුතිනන් කොමාන්ඩර් (ස්වේච්ඡා) සුනිල් බණ්ඩාර දොඩම්වල නමැති නිලධාරියා අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ අවසාන කටයුතු සිදුකළ ආකාරය ගැන ද සමාජ මාධ්‍ය සිහිපත් කර ඇත.
ඒ අදාළ නිලධාරියා මියගියේ කොවිඩ් 19 වසංගතය නිසා නොව මී උණ නිසා බව සඳහන් කළ බලධාරීන් එහෙත් නාවික හමුදා නිලධාරියා ගේ අවසාන කටයුතු නිරෝධායන නීතිය අනුව කියමින් පැය 24ක් තුළ සිදුකිරීමට නියෝග කිරීමය.

නුවරඑළියට ඇඳිරි නීතිය !
කෙසේ වුවත් මේ වන විට හෙට (30) නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නිවේදනය කර ඇත.
එසේම 31සිට ඉදිරි දින සඳහා මීට පෙර දැනුම්දුන් ආකාරයට කටයුතු කළ යුතු බවත් එහි දැක්වෙයි.
මේ සම්බන්ධව අද (29) නිකුත්කළ අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
