ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“මැතිවරණ මෙහෙයුම් රාජකාරි වලින් පසෙකට වීම හැර වෙනත් විකල්පයක් නැතැයි මා සිතමි” – මහින්ද දේශප්‍රිය

අධ්‍යයන කටයුතු සදහා විදේශගතව සිටි තම පුත්‍රයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා තමන්ගේ නිල තත්ත්වය භාවිතා කොට බලධාරීන්ට අයුතු බලපෑමක් කර තිබේ යනුවෙන් පළවන වාර්තාවන් අසත්‍ය බවට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් සිය පුත්‍රයා ආපසු මෙරටට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාගෙන් සහයෝගය ඉල්ලා ඇති බවට පලවන වාර්තාවන් සම්බන්ධයෙන් ද සිය Facebook ගිණුම ඔස්සේ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

නෙදර්ලන්ත රාජ්‍යයේ ශිෂ්‍යත්වයක් මත මාස 18 ක පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා එය මාර්තු මස අග අවසන් වීමෙන් පසු ගුවන් ගමන් අත්හිටුවීම නිසා ශ්‍රී ලංකාවට පැමීණීමට නොහැකිව සිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයෙක් වන විදුර කාශ්‍යප දේශප්‍රිය අද (06) අලුයම මෙරටට පැමිණියේ බ්‍රිතාන්‍යයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බවයි මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරන්නේ.

සිය පුත්‍රයාට තවත් දිනක් හෝ එංගලන්තයේ රැඳී සිටීමට සිදුවෙනවානම් ඔහුට අවශ්‍ය ඖෂධ ලබාගැනීම, වීසා සම්බන්ධයෙන් ඇතිවන ගැටළු සම්බන්ධව අදාළ රටවල තනාපති කාර්යාල සමග සාකච්ජා කළ බව මෙහිදී කොමසාරිස්වරයා සඳහන් කර සිටිනවා.

තමන්ගේ දුරකථනයට තම පුත්‍රයා විසින් එවන ලද ලිපිවල මුද්‍රිත පිටපත් / මෘදු පිටපත් අදාළ පරිදි අග්‍රාමාත්‍ය ලේකම්, විදේශ කටයුතු ලේකම්, විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ මෙහෙයුම බාර ජනාධිපති අතිරේක ලේකම් යනාදී නිලධාරීන් වෙත යැවීම හා ඒවා ලද බව සනාථ කරගැනීමට මෙන්ම මොවුන් ගෙන්වා ගැනීමට අපහසුතා තිබේද යන්න සම්බන්ධයෙන් පමණක් විමසා සිටිය බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.

සිය පුත්‍රයා විසින් එවන ලද පෙර කී ලිපි නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් හා ඒ ගැන ඔවුන් විමසීමෙන් මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස තමන් කර ඇත්තේ නොකළ යුත්තක් නම් ඔබ සැමට ආයුබෝවන් යනුවෙන් පවසා දැන් මැතිවරණ මෙහෙයුම් රාජකාරි වලින් පසෙකට වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවටද මෙහිදී ඔහු සඳහන් කර සිටිනවා.

එමෙන්ම තමන්ට එරෙහිව දරා ගැනීමට බැරි තරම් අභූත චෝදනා තමන්ගේම සගයකුගේ සහාය ඇතිව මෑතක සිට මාධ්‍ය හරහා ප්‍රචාරය වන අවස්ථාවේදීද කණ්ඩායමක් සේ එකට සිටිය නොහැකි නම් තවදුරටත් එකට වැඩ කළ නොහැකි බව දන්වා තමන් මැතිවරණ කොමිසමේ සභාපති තනතුරෙන් ඉවත්වීමේ යෝජනාව ගැන පසුගිය සති කිහිපය පුරාවට අනෙක් නිලධාරීන් සමග සාකච්ඡා කළ බවටද මැතිවරණ කොමසාරිස්වරයා සිය සටහනේ සඳහන් කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තබා තිබු සම්පුර්ණ සටහන පහතින්.

, අධ්‍යයන කටයුතු සදහා විදේශගතව සිටි මගේ පුත්‍රයා වන විදුර කාශ්‍යප දේශප්‍රිය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා මගේ…

Posted by Mahinda Deshapriya on Tuesday, 5 May 2020