ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

චන්ඩිකම් පෙන්වමින් සමාජ මාධ්‍යට වීඩියෝවක් මුදා හැරීමට කුඩා දරුවෙකුට අනුබල දුන් තරුණයෙක් අත්අඩංගුවට

පසුගිය දිනවල බාල වයස්කාර පාසල් දරුවන් කිහිපදෙනෙක් චන්ඩිකම් පෙන්වමින් සිදු කළ වීඩියෝ සමාජ මාධ්‍යය වෙත මුදාහැර තිබුණා.

මෙහි එක් බාල වයස්කාරදරුවෙක් නිකුත් කළ වීඩියෝවක් සදහා උපදෙස් දුන්නේ යැයි සැකපිට රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ දි 21 හැවිරිදි තරුණයෙක් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු වේවැල්වත්ත ගලබඩ පදිංචිකරුවෙක්. ඔහු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ ජයාරූප ශිල්පියෙක් ලෙසද කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.

මෙම 21 හැවිරිදි තරුණයා බාල වයස්කාර දරුවට වීඩියෝව සමාජ ජාලයට මුදා හැරිම ගැන උපදෙස් ලබා දී ඇති බව ද පොලිසිය අණාවරණය කරගෙන තිබෙනවා.