ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බොරලැස්ගමුවේ ‌කොරෝනා ‌රෝගියා ප්‍රතිකාර ගත් පන්නිපිටියේ පෞද්ගලික රෝහල වසා දමයි.

පන්නිපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් තාවකාලිකව  වසා දමා එහි කාර්යය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හමුවු කොවිඩි-19 වෛරස ආසාදිත පුද්ගලයා මෙම පෞද්ගලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබිම හේතුවෙන් එය වසා දැමීමට කටයුතු කළ බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

එම පෞද්ගලික ආරෝග්‍ය ශාලාවේ කාර්යය මණ්ඩලයේ 73 දෙනෙකු පි.සි.ආර් පරික්ෂනයකට ලක්කර ඇති අතර ඉන් 07 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව කොට්ටාව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කිර්තිලාල් තුඩුවගේ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පිළියන්දල ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරස ආසාදිත පුද්ගලයා ඇසුරු කළ පුද්ගලයින් හා අවට නිවාසවල පදිංචිකරුවන්  නිරෝධායනය සඳහා යොමුකිරිමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

මේ අතර කොළඹ, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තවත් පදිංචිකරුවන් පිරිසකගේ පි.සි.ආර් පරික්ෂණ අද දිනයේ සිදුකිරීමට අපේක්ෂා කරන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩබ්ලිව් .කේ චන්ද්‍රපාල මහතා පවසයි.