ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඇඳිරි නීතිය ක්‍රියාත්මක දින තුළ මහාධිකරණයේ නඩු කැඳවීම අවලංගු කරන්න – නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලයි.

කොවිඩ් -19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක දින තුළ මහාධිකරණයේ නඩු කැඳවීම අවලංගු කිරීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර ඇත.

COVID-19 වෛරසය සම්බන්ධයෙන් දිවයින පුරා මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගෙන නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.