ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

කොරෝනා වෛරසයට මුවා වී ලාංකිකයන්ගේ පෞද්ගලික තොරතුරු සොරා ගනී

COVID-19 වෛරසයට එරෙහිව මුහුණු ආවරණ නොමිලේ බෙදාහැරීම පිළිබඳ දැන්වීමක් සහිත අහඹු කෙටි පණිවුඩයක්  හරහා පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ වංචාවක්  සිදුවන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවසනවා.

මේ පිළිබඳව හදිසි නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මෙය COVID-19 වෛරසය ගැටලුවට මුවා වී ජංගම දුරකතන පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීම සඳහා සිදුකරන වංචනික උත්සාහයක් බව පවසා සිටිනවා.

මෙම කෙටි පණිවුඩය හරහා ලැබෙන සබැඳිය විවෘත කිරීමෙන් අපගේ පෞද්ගලික තොරතුරු පැහැර ගැනීමකට ලක්වීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ඒ අනුව මෙවැනි වංචනික ප්‍රහාරයකින් ප්‍රවේශම්වීම සඳහා මෙවැනි පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.