ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ආණ්ඩුව නිරෝධායනය පටන්ගන්නකොට ඉතාලියේ සිට පැමිණි දාහක් ගෙවල්වල..! වෙන්නප්පුව, හලාවත, මීගමුව අවදානම් – GMOA

ශ්‍රී ලංකාව තුළ රජය විසින් ආයතනික වශයෙන් කොරෝනා නිරෝධායන කටයුතු ආරම්භ කිරීමට පෙර, එනම් මාර්තු 01 – 09 අතර කාලය තුළ ඉතාලියේ සිට මෙරටට පැමිණි දහසකට අධික පිරිසක් නිවෙස් කරා යවා ඇති බැවින් වෙන්නප්පුව – හලාවත – මීගමුව ආශ්‍රිත ප්‍රදේශ අවදානම් කලාපයක් බවට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. 

“අපි නිරෝධායනයට ලක් කිරීම සඳහා ආයතනික ව්‍යුහයන් තුළ නිරෝධායනය කරන්න පටන් ගත්තේ මාර්තු මාසෙ පස්වෙනිදා හයවෙනිදා වෙනකොට. ඊට කලින් ලංකාවට ආපු දහස් ගණනක පිරිසක් ඉන්නවා ගෙවල්වලට වෙලා. 

විශේෂයෙන් ඉතාලියෙන් ආපු පිරිස්. වෙන්නප්පුවෙ මං කිව්වා දෙසිය තිස් ගාණක් ඉන්නවා කියලා. නාත්තන්ඩියෙ, හලාවත, මීගමුව දාහකට අධික පිරිසක් ඉන්නවා. ලංකාවෙ සමස්තයක් විදියට 3000ක් ආවේක්ෂණය වෙනකොට ඒකෙන් 1000ක් ඉන්නෙ ඔය ප්‍රදේශවල. එතකොට මේක අවදානම් ප්‍රදේශයක් විදියට අපි හඳුනාගන්නෙ නැද්ද ?” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.