සැගවී සිට අධිකරණයට පැමිණි රවී කරුණානායක නිරුපද්‍රිතව අධිකරණයෙන් පිටව යයි
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රෙයන් පිටව ගොස් ඇත.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.