ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

බැඳුම්කර වංචාවට රවී කරුණානායක ඇතුළු 12ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග..! රනිල්ගේ නම ඊට ඇතුලත්ව නැහැ..!

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුලු 12 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතාට නියෝග කර තිබේ. පසුගිය යහපාලන රජය සමයේ සිදු වූ බැඳුම්කර වංචාවට අදාලවයි මෙසේ අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග කර තිබෙන්නේ. ඒ 2016 මාර්තු මාසයේදී සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී කුමන්ත්‍රණය, වංචා කිරීම, වෙළෙඳපොල හැසිරවීම යන චෝදනා යටතේයි.

බැඳුම්කර වෙන්දේසියට අදාළව කුමන්ත්‍රණය කිරීම, සාපරාධී අයථා පරිහරණය, ​​වංචා සහ අයථා ලෙස වෙළඳපල හැසිරවීම යන චෝදනා මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු අධිකරණයෙන් ලබාගෙන ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කර සිටියේ.

රවී කරුණානායක මහතාට අමතරව අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී ඇති සෙසු පුද්ගලයන් වන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුණ් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝසප් ඇලෝෂියස්, රංජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, අජාන් ගාර්දිහේවා පුංචිහේවා, බුද්ධික සරත්චන්ද්‍ර, සංගරපිල්ලේ කුමරනාදන්, ඉන්දික සමන් කුමාර යන පුද්ගලයන්ය.