ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හංසයාද, දුරකථනයද එජාපය දෙලොවක් අතර..! ලකුණ තීරණය කරන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන ඡන්ද ලකුණ තීරණය කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද (01) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබේ. 

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මෙම රැස්වීම අද රාත්‍රී 08.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් දැනටමත් දුරකථනය ලකුණට කැමැත්ත පළකර ඇති අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්ත වී ඇත්තේ අලියා ලකුණින් නොහැකි නම් හංසයා ලකුණින් තරගවැදීමටය.