ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

ගෝලීය උණුසුම ඉහළ යාමෙන් ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර දියවීම වේගවත්වේ.

ගෝලීය උණුසුම ඉහළ යාමෙන් ඇන්ටාක්ටිකාවට දැඩි බලපෑම් එල්ල වී ඇත. මේ හේතුවෙන් ග්ලැසියර දියවීම වේගවත් වී ඇති බව සඳහන්. ඇන්ටාක්ටිකාවේ මෙතෙක් වාර්තා වුණු ඉහළම උෂ්ණත්වය සටහන් වුණි. එය සෙල්සියස් අංශක 18.3 ක් ලෙස සටහන් වූ එම උෂ්ණත්වය වාර්තාවුණේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයි.
 
මීට පෙර දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ලෙස වාර්තා වන්නේ 2015 වර්ෂයේ මාර්තු මාසයේ සටහන් වූ සෙල්සියස් අංශක 17.5ක අගයයි. පසුගිය දශක පහ තුළ ඇන්ටාක්ටීකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක තුනකින් ඉහළ ගොස් ඇත.

ගෝලීය උණුසුම හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර් දියවීම වේගවත් වී ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙයි. දක්ෂිණ ධ්‍රැවයේ හිම දියවීමෙන් ගෝලීය මුහුදු මට්ටම මීටර් 3කින් පමණ ඉහළ යා හැකි බව විද්‍යාඥයින්ගේ අදහසයි.