ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookForeignSlider

සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා ගැන පළමු වරට අනතුර ඇඟවීම් කළ චීන වෛද්‍යවරයා මරුට

නව කොරෝනා වෛරසය පැතිර යන බවට පළමුවෙන්ම තොරතුරු හෙළිදරව් කිරීමට උත්සහ දැරූ වෛද්‍යවරයාද එම වෛරසයෙන් මියගොස් තිබේ. නව කොරෝනා වෛරසයෙන් ඊයේ දිනයේදී තවත් පුද්ගලයන් 71දෙනෙක් මියගොස් ඇති අතර ඒ අනුව මේ වන විට වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 636ක්. වෛරසය ආසාදිතයන් ගණන 31,000 ඉක්මවන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කොරෝනා වෛරසය පැතිරයාම පිළිබඳව පළමුවෙන්ම ලොවට අනතුරු ඇඟවීමට උත්සහ කළ චීන ජාතික වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මියගොස් තිබේ. ඒ අදාළ වෛරසය ආසාදනයවීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදීයි.

වූහාන් මධ්‍යම රෝහලේ සේවය කරමින් සිටි අතරතුර ඔහු කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු හඳුනාගෙන තිබුණේ පසුගිය ජනවාරි මාසයේ මුල් භාගයේදීයි.

ඒ සමඟ මෙම වසංගතය පිළිබඳ දැනුවත් කිරීමට හා අනතුරු ඇඟවීමට වෛද්‍යවරයා උත්සහ දරා තිබුණද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව පවසමින් පොලිසිය විසින් එය වළක්වා තිබුණි.

නව කොරෝනා වෛරසය ආසාදිතයන්ට ප්‍රතිකාර කරමින් සිටියදී අදාළ වෛද්‍යවරයාද වෛරසයට ගොඳුරුවී ඇති බව සඳහන්.

මේ අතර බීබීසී පුවත් සේවය වාර්තා කළේ වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර පුවත් රැසක් ප්‍රචාරයවී ඇති බවයි.