ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ත්‍රීකුණාමලය තඹලගමුව බස් රථ අනතුරින් බස් දෙකේම 30කට තුවාල-කොන්දොස්තර මරුට

අද(06) අළුයම 04.45ට පමණ තඹලගමුව, පොලිස් වසමේ ත්‍රීකුණාමලය අඹේපුස්ස මාර්ගයේ සිදුවු බස් රථ අනතුරින් පුද්ගලික බස් රථයේ කොන්දොස්තර ජීවිතක්ෂයට පත්ව ඇත.

කිලෝමීටර 176-177 කොටසේ ත්‍රීකුණාමලය දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වු ලංගම බස් රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් ලංගම බස් රථය අසල වෙළඳ සැලක් තුළට ද පුද්ගලික බස් රථය බෝක්කුවක් තුළට ද පෙරළී ගොස් තිබේ. අනතුරින් පුද්ගලික බස් රථයේ සිටි කොන්දොස්තරවරයා ජීවිතක්ෂයට පත්ව ඇත. බස් රථ දෙකෙහිම සිටි මගීන් 30 ක් පමණ තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 22 ක් වු වෑකඩ, වැව් පිටිය, කැන්දගොල්ල, බදුල්ල යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා තඹලාගමුව, කන්තලේ සහ ත්‍රීකුණාමලය රෝහල් වෙත ඇතුළත් කර ඇත. තඹලගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.