පාර දිගේ කුණු බක්කි ඇහිලූ දැරිය හාවඞ් විශ්වවිද්‍යාලයට!
නිවසින් එළියට බහින කොට එළිසැබෙත්ගේ වයස යන්තම් අවුරුදු 15 පහුවුණා විතරයි. එයාගෙ මවුපියන් ඒ වන විට වෙන් වෙලා හිටියෙ. එළිසැබෙත් ලීසි මරේ එයාගෙ සම්පූර්ණ නම. ඒත් අවාසනාවකට වගේ ඔවුන්ගේ පවුල් ජීවිතය දෙදරා යන්න පටන් ගත්ත. පවුල් ජීවිතය හරිහැටි ඉදිරියට පවත්වා ගෙන යන්නට නොහැකි වීමට ලොකු හේතුවක් තිබුණ.
ඒ දෙදෛනාම කළේ මත්පැන් වෙළෙඳාම. වෙළෙඳාම් කළා විතරක් නෙවි ඔවුන් මත්පැන්වලටත් මත් ද්‍රව්‍යවලටත් සීමාවක් නැතිව ඇබ්බැහි වෙලා හිටියෙ. ඒ අයට හිටියෙ ¥වරුන් දෙදෙනෙක්. ඉන් එක් අයෙක් තමයි එළිසැබෙත්.
දෙන්නා වෙන් වෙන කොට අම්මා සමග එක් දුවක ගියා. පියා සමග ආවෙ අපේ කතා නායිකාව වන එළිසැබෙත්. කොහොම වුණත් එළිසැබෙත් තමා ළඟට ආවට පස්සේ ඇගේ තාත්තා සෑහෙන්න වෙනස් වුණ. ඔහු තම දුවව ඇස් දෙක වගේ බලා කියා ගන්න හිතා ගත්ත. ඒත් ඔහු මුදල් අතින් ඉතාම පහළ අඩියට වැටිලයි හිටියෙ. ඔහුට සිදුවුණේ අනුන්ට අත පාලා කීයක් හරි ඉල්ලාගෙන කෑම බීම සපයා ගන්නයි.
ඔබ සමහරවිට දැකලා ඇති විදෙස් රටවල පදික වේදිකාවල ඇතැම් අය තමා ඉදිරිපිට ලේන්සුවක් එළාගෙන වයලීන වාදනය කරමින් ගී ගයමින් ජනතාව ඇද ගන්නා කුමන හෝ දෙයක් කරමින් මුදල් උපයා ගන්නා අයුරු.
එළසැබෙත්ගේ තාත්තා කළේත් ඒකයි. එහෙත් ඔවුන්ගේ ජීවිතය බෙහෙවින් දුෂ්කර වුණා. තරුණ දියණියක සමග රාත‍්‍රී කාලය ගත කිරීමට තැනක් සොයා ගැනීමේදී ඔහු මහත් අවුලකට මුහුණ පෑවා. පදික වේදිකාව හැරුණු විට ඔවුන් පාලම් යට ප‍්‍රසිද්ධ උයන්වල රැුය ගත කළා. ඇතැම් විට කිසිම ආදායමක් නැතිවූ විට කුණු බක්කි අවුස්සා කෑමට යමක් සොයන්නට ද ඔවුන්ට සිදුවූ අවස්ථා තිබුණා. එළිසැබෙත් දත් මැදීමට දත් බෙහෙත් සොයා ගත්තේ එවායේ තිබී අහුලා ගත් අඩක් පාවිච්චි කොට ඉවත දැමූ දන්තාලේප ටියුබ්වලින්.
මෙවැනි දුක් සහිත ජීවිතයත් ගත කළත් එළිසැබෙත් තම ඉගෙනීමට තිබූ ආශාව අත් හළේ නැහැ. එළිසැබෙත් කුඩා අවදියේ සිටම දුක හොඳට අඳුනාගෙන සිටියා. මේ නරාවළෙන් ගොඩ වීමට ඇති හොඳම මාර්ගය වැටී ඇත්තේ අධ්‍යපනය තුළින් බව ඇය වටහා ගෙන සිටියා. ඒ නිසා නගරයේ ඇති පාසලකට ඇතුුළු වී ඇය මේ දුක් කරදර මැද වෑයමින් ඉගෙන ගන්නට පටන් ගත්තා.
මෙහි ඇති විස්මය ජනක කතාන්තරය නම් ඇගේ තාත්තා දුවගේ අධ්‍යාපන කටයුතුවලට බෙහෙවින් සහයෝගය දැක්වීමයි. ඇයට පොත් පත් ගෙන දෙන්නට ඔහුට මුදල් තිබුණේ නැහැ. එහෙත් කොහේ තැනකදී ඔහුට පරණ පොතක් අසුවුණොත් ඔහු නොවරදවාම එය තම දුවට ගෙනවිත් දීමට අමතක කළේ නැහැ.
මේ අතර තමයි එළිසැබෙත්ගේ පියා ඇයට හාවඞ් විශ්වවිiාලය පෙන්වන්නට එක්කර ගෙන යන්නේ. ඉතා රමණීය පරිසරයක ්පිහිටි සරසවිය දුටු ඇය ප‍්‍රීතියෙන් පිනා ගියා. සැහැල්ලූවෙන් සරසවි බිමේ ඒ මේ අත සැරිසරන තරුණ සිසු සිසුවියන් හා එහි වූ නිදහස් වාතාවරණයත් දුටු එළිසබෙත්ට සිතුනේ තමා සිටින්නෙ මොනතරම් ආගාධයකදැයි කියාය. සරසවියට යෑමට ඇති ආශාව තදින් දැනුණා. එහෙත් සරසවියට ඇතුළු වීමට නම් විශාල මුදලක් වැය කළ යුතු නිසා එය සිහිනයක් පමණකැයි ඇය සිත හදා ගත්තා.
එහෙත් පුදුමයකට වගේ ඇගේ ආශාව ඉටු වන මඟක් ඒ වන විට උදා වෙමින් තිබුණා. එය ප‍්‍රමුඛ පෙළේ පුවත්පතක් වන ලන්ඩන් ටයිම්ස් පුවත් පත මගින් මේ වන විට හාවඞ් විශ්වවිද්‍යාලය හා අනුබද්ධව ක‍්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියක් අරඹා තිබුණා. එයින් කෙරුනේ අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ සිසුන්ට සරසවි වරම් ලබා ගැනීමට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩ පිළිවෙළක්.
එළිසැබෙත් වහාම තමාගේ දිළිඳු ස්වභාවයත් ඉගෙනීමට ඇති හැකියාව හා සුදුසුකම්ද ඇතුළත් කොට එයට ඉල්ලූම් පත‍්‍රයක් යැවුවා.
මෙපමණ කලක් සැඟවී සිටි වාසනාවේ දෙව්දුව ඇය ඉදිරියේ පෙනී සිටියා. ඇය ශිෂ්‍යත්වයක් සඳහා තෝරා ගන ඇති බව සඳහන් ලිපිය ඉක්මනින්ම ඇය වෙත ලැබුණා. එහෙත් සරසවියට යෑමට සුදුසු ඇඳුමක් ඇයට තිබුණේ නෑ. වරින් වර සෝදා අඳින කඩමාලූ වී ගිය ඇඳුම් කීපයක් පමණයි ඇයට තිබුණේ්.
ඉන්පසු දෛවය සහමුලින්ම වෙනස්් වුණා. ඉන්පසු ඇය ගමන් කළේ අඳුරු මාවතේ නොව මල් පියලි ඇතිරූ දිව්‍යමය මාවත දිගේ. උපන්දා සිිට ඇය ලැබූ දුක් කන්දරාව විසින් ඇති කළ ආත්ම අභිමානය හා දරා ගැනීමේ ශක්තිය ඉදිරියට ගමන් කිරීමට දැඩි පෙළඹවීමක් ඇය තුළ ජනිත කළා. ඉන් සිව් වසරකට පසු සරසවියේ සිට ඇය සමාජගත වූයේ මනෝවිද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක ලෙසයි.
එහෙත් ඇගේ මේ විශිෂ්ට ජයග‍්‍රහණයේ සතුට භුක්ති විඳින්නට ඇගේ පියා ඒ වන විට ජීවතුන් අතර සිටියේ නැහැ.
ඇගේ ජීවිත කතාව පීටර් ලෙවින් අධ්‍යක්ෂවරයා Homeless to Harvard නමින් ටෙලි නාටක මාලාවකට නඟනවා. ඉන් අනතුරුව 2009 දී ඇය තම ජීවිත අත්දැකීම් අළලා Breaking Nights නමින් ග‍්‍රන්ථයක්ද ලියනවා. එය වසරේ හොඳම අලෙවිය ඇති පොතක් වන්නේ ඉතා ඉක්මණින්.
පදික වේදිකාවේ දුක්බර ජීවිතය මහ මන්දිරවල දිදුළන දිවි පෙතකට මාරු වී ගිය හැටි පුදුමයි නේද. කොහොම වුණත් ඔබ හිත්න්නේ් මේ වාසනව නිසා කියලාද එහෙම නැත්නම් ඇගේ ධෛර්යවන්ත උත්සාහය නිසා කියලද.
ලීලානන්ද වික‍්‍රමසිංහ