ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සුළු ජාතික ඡන්ද ඩැහැගන්න ආණ්ඩුව මද්‍රසා පාසල් නීත්‍යනුකූල කරන්න හදනවා – ජිනවංශ හිමි

කිසිදු නීත්‍යනුකූලභාවයක් නොමැති මද්‍රසා පාසල් තහනම් කරන බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම පාසල් තහනම් කිරීම වෙනුවට එම පාසල්වලට නීත්‍යනුකූලභාවයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බවට හෙළ බොදු සවිය සංවිධානය චෝදනා කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මද්‍රසා පාසල් ලියාපදිචි කර‍න ලෙස දන්වා ඇති බවත්, එ‍හෙත් ඒ කුමන නිර්ණායක යටතේද යන්න පැහැදිලි නොමැති බවත් එම සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමි අවධාරණය කරයි.

ජිනවංශ හිමි පවසන්නේ ඉදිරි මහ මැතිවරණයේදී සුළු ජාතික ඡන්ද ඩැහැ ගැනීමේ අපේක්ෂාවෙන් මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි. එහෙත් එය කිසේස්ත්ම සිදු නොවිය යුත්තක් බව ජිනවංශ හිමි අවධාරණය කරනවා. විශේෂයෙන් මෙම පාසල් ලියාපදිංචි කිරීමේ කටයුතු ඉස්ලාම් කටයුතු දෙපාර්තමේන්තුවට භාරදීම නරියාට කුකුල් කොටුව භාරදීමක් වැනි බවයි ජිනවංශ හිමි පවසන්නේ.

මේ වනවිට මද්‍රසා පාසල් 1600 කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බවත්, එම පාසල් අතර අරාබි බසින් උගන්වන පාසල් 371 ක් පමණ තිබෙන බවත් හෙළ බොදු සවිය සංවිධානය පෙන්වා දෙයි.