සන්ධාන මන්ත්රී විජේමුණි සොයිසාගේ මන්ත්රී ධූරය අහෝසියි
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී විජිත් විජිතමුණි සොයිසා පක්ෂයෙන් ඉවත් කළේ යැයි මැතිවරණ කොමිසන් සභාවට ලිපියක් යොමු කිරීමටයි තීරණය කර ඇත.
වෙනත් දේශපාලන පක්ෂයක් සමග කටයුතු කිරීම හේතුවෙන් මන්ත්රීකම අහෝසි කිරීමට සන්ධානය තීරණය කර ඇත. ඒ අනුවම යමින් ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ මන්ත්රී ධුරය මීට පෙර ඉවත් කර ඇති අතර ඒ බව දන්නවා මැතිවරණ කොමිසන් සභාවට ලිපියක්ද යවා තිබිණි.
ඉවත් කළ මන්ත්රීවරුන් වෙනුවට මන්ත්රීවරු පත් කිරීමටද සැලසුම් කර ඇත.
කෙසේ වෙතත් මෙසේ ඉවත් කරන ලද මන්ත්රීවරුන් ඊට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.