ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ණය කියන්නේ අපරාදයක් නෙවෙයි-අනුර

නිසි ක්‍රමවේදයකට අනුව ණය ලබා ගන්නේ නම් ණය අපරාධයක් නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මාතර රුහුණු විශ්ව විද්‍යාලයේ රවින්ද්‍රනාත් තාගෝර් ශාලාවේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේ.

ප්‍රාග්ධනය සපයා ගැනීම වෙනුවෙන් හා තාක්ෂණය නොමැති වු විට ලෝකයේ සෑම රාජ්‍යයක්ම ණය ගැනීම සිදු කරන බවත් එය අපරාදයක් නොවන බවත් අනුර කුමාර මහතා පවසයි.

එවන් ණය ගැනීම් ලංකාවට බරක් වීමට හේතුව ගන්නා ණය වලින් වත්කම් නිර්මාණය නොකිරීම බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.