NewsSlider “ෆොන්සේකා ගැන අපිට කළ කිරෙනවා – රාජපක්ෂලාට බැන බැන හිටියා දැන් සජිත්ට බනිනවා” September 6, 2019 Kamal Dhammika එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දේශපාලනය නොකර හමුදාවේ කටයුතු සඳහා සේවය කරානම් හොඳයි කියා සිතෙන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපති අපේක්ෂයා විය හැකි බවට කවුරුන් හෝ රවටා ඇතැයි කැබිනට් නොවන අමාත්‍යවරයා මෙහිදී පැවසීය. කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවට මේ මොහොතේ සුදුසුම පුද්ගලයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහුට ඒ සඳහා සුදුසුකම් ඇති බවත්ය. එමෙන්ම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරන තෙක් රටේ ජනතාව කුතුහලයෙන් යුතුව බලා සිටින බව කැබිනට් නොවන අමාත්‍යවරයා සඳහන් කළේය. කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම ඉල්ලා සිටිනේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂතත්වය දෙන ලෙසයි. Post Views: 857 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දේශපාලනය නොකර හමුදාවේ කටයුතු සඳහා සේවය කරානම් හොඳයි කියා සිතෙන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපති අපේක්ෂයා විය හැකි බවට කවුරුන් හෝ රවටා ඇතැයි කැබිනට් නොවන අමාත්‍යවරයා මෙහිදී පැවසීය. කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවට මේ මොහොතේ සුදුසුම පුද්ගලයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහුට ඒ සඳහා සුදුසුකම් ඇති බවත්ය. එමෙන්ම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරන තෙක් රටේ ජනතාව කුතුහලයෙන් යුතුව බලා සිටින බව කැබිනට් නොවන අමාත්‍යවරයා සඳහන් කළේය. කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම ඉල්ලා සිටිනේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂතත්වය දෙන ලෙසයි.