ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඇල්පිටිය ඡන්දය කඩිනමින් තියනවා – මහින්ද දේශප්‍රිය

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඉතා ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලැබී ඇතැයි ද සභාපතිවරයා සඳහන් කෙළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එම නියෝගය නිකුත් කරන ලදී. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ගොනු කළ පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තෙක් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.
එම රිට් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ එම නාම යෝජනා භාරගෙන ඒවා පිළිගෙන මැතිවරණයට ඇතුළත් කර මැතිවරණය පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයාට හා මැතිවරණ කොමසාරිස්වරයාට පසුගියදා නියෝග කලේය.