ForeignNewsvariety ට්විටර් නිර්මාතෘගේ ට්විටර් ගිණුමට නීතිවිරෝධීව අයෙක් ඇතුළු වෙයි September 1, 2019 Kamal Dhammika ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක සහ සම-නිර්මාතෘ ජැක් ඩෝර්සි මහතාගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් වෙනත් පුද්ගලයෙක් ඇතුළු වී ඇති බව වාර්තා වේ. මිලියන හතරකට අධික ට්විවර් පරිශීලකයන් ප්‍රමාණයක් සිටින ඔහුගේ ගිණුමෙහි මිනිත්තු 15 ක පමණ කාලයක් අතිශය ආක්‍රමණශීලී හා ජාතිවාදී ප්‍රකාශ පළකර ඇත. ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ ගිණුම කිසියම් ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය. ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය. එම ට්ටිටර් ගිණුමට භාවිත කර ඇති ජංගම දුරකථන අංකය අයත් දුරකථන සේවා සමාගමේ ප්‍රමාද දෝෂයකින් මෙම තත්ත්වය ඇති වී ඇති අතර එය මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබේ. මෙම සිදුවීම ට්විටර් සමාගමෙන් බාහිරව සිදුවී ඇති බව දක්නට ඇතත් ලෝකයේ බලවත් නායකයින් රැසකට සේවා සපයන ට්විටර් සමාගම ඉන් අපහසුතාවට ලක්වූ බව විදෙස් මාධ්‍ය පවසයි. Post Views: 888 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print