ඇමැති සුජීව බැදුම්කර වංචාව රැක්ක හැටි අගමැති ඉදිරියේ වමාරයි – හඬ පටයත් එළියට (AUDIO)
එක්සත් ජාතික පක්ෂයට අද අත්‍යවශ්‍යව තිබෙන පක්ෂය තුළ කල යුතු වෙනස කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉඩ නොදෙන බවට කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් කරන ලද චෝදනා ඇතුලත් හඬ පටයක් සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කර තිබේ.
බැඳුම්කර සිද්ධියේදී කෝප් කමිටුව හමුවේදී ආණ්ඩුව රැක්කේ තමන් බවත් එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ තමන්ගේ ප්‍රතිවාදියෙකු වුවත් රවී කරුණානායක මහතාගේ නම කිසි තැනක සඳහන් නොකළ ඔහු ආරක්ෂා කළ බව ඇතුළු කරුණු රාශියක් පිලිබඳව තොරතුරු සේනසිංහ මහතා කරන කරුණු දැක්වීම් එම හඬ පටයට ඇතුළත්ව තිබේ.
සුජීව සේනසිංහ මහතා මෙම චෝදනා සිදු කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බවට තොරතුරු හෙළිදරව් වේ.