NewsSlider එජාප අර්බුදය තවත් වර්ධනයවේ..! මන්ත්‍රීවරු පිරිසකගෙන් රනිල්ට ලිපියක්..! August 10, 2019 Kamal Dhammika එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කර ඔවුන්ගේ රහස් ඡන්දයෙන් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නා ලෙස ඉල්ලමින් එජාප මන්ත්‍රිවරුන් පිරිසක් අගමැතිවරයා වෙත ලිපියක් යැවීමට කටයුතු කරමින් සිටිති. එම ලිපියට ඊයේ (9) පස්වරු වන විට එජාප මන්ත්‍රීවරුන් 55 දෙනෙක් අත්සන් තබා තිබෙන බවද වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස හිතවාදී මන්ත්‍රීවරුන් පිරිසක් එම අත්සන් එකතු කිරිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරති. මේ අතර රවී කරුණානායක ඇතුළු ජේෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක් සජිත්ට එරෙහිව පෙළගැසී ඇති අතර එම කණ්ඩායම කථානායක කරූ ජයසුරිය ගෙනඒමේ උත්සාහයක නිරතවී සිටී. Post Views: 1,074 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print