LeadSlider අයියේ සමාවෙන්න.. ඕක හැදුවේ දිලිත් ජයවීර..! ගෝඨා අමරිකානු පුරවැසිභාවය පිළිබඳ ලියවිල්ල ව්‍යාජ එකක් බව මහින්ද ඉදිරියේ පිලිගනී. July 31, 2019 Kamal Dhammika තමන්ගේ අමරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටලුව අවසන් කරගත් බවත් ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනිමේ ගැටලුවක් නැති බවත් කියමින් මහින්ද රාජපක්ෂ වෙත ඉදිරිපත් කරන ලද ලේඛනය ව්‍යාජ එකක් බව බව මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ වැද සමාව ගනිමින් පිළිගෙන තිබේ. මෙම ලේඛනය ගෝඨාභය රාජපක්ෂට හිතවත් සමාජ ජාලා වෙතින් ප්‍රසිද්ධියට පත්කරමින් ගෝඨාභයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා කිසිදු බාධාවක් නැති බවත් කියමින් විශාල ප්රචාරක ව්‍යාපාරයක් සැලසුම් කොට තිබිණි. එහෙත් මෙය ව්‍යාජ ලේඛනයක් බවට තොරතුරුද අනෙක් පාර්ශ්ව විසින් සොයාගෙන තිබිණි. එම නිසා ගොඨා පාර්ශ්වයට එම ප්රචාරක වැඩ පිළිවෙල අකුලා ගැනීමට සිදුවිය. මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්ථාවක් අප විසින් මෙය ගෝඨාවාදියකු වන දිලිත් ජයවීරගේ උපදෙස් මත ඔහුගේ දැන්වීම් කරන ආයතනයේ නිර්මාණ ශිල්පියකු විසින් සකසන ලදක් බවට ද තොරතුරු හෙළිව තිබේ. මෙම සකසන ලද ව්‍යාජ ලියවිල්ල ගෝඨා පාර්ශ්වයේ ප්රධානියකුට ලබා දී දිලිත් ජයවීර මෙරටින් පිටව ගොස් ඇති බවත් වාර්තා විය. අන්තර් ජාලයේ තිබු පැරණි සත්‍ය ලේඛනයක පිටපතක් ගෙන ඒ ආශ්රයෙන් මෙම ව්‍යාජ නිර්මාණය කර තිබුණත් එම නිර්මාණකරුවාට ගොඨාභය රාජපක්ෂගේ සත්‍ය ගුවන් බලපත්‍ර අංකය ඇතුලත් කිරීමට නොහැකි වීම නිසා මෙය ව්‍යාජ ලේඛනයක් බව පහසුවෙන්ම හඳුනා ගැනිමට හැකි විය. මෙම වංචාව හෙළිදරව් වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ කළ විමසීමකදී තමන් ඇතුලු පිරිස සිදුකළේ වංචාවක් බව ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන තිබුණු බව එම පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ විසින් මෙම ලියවිල්ල ගනන් නොගෙන කියා තිබුණේ .පුරවැසිභාවය ඉවත් කළ බවට වන අවසන් ලිපිය අගෝස්තු 10 වන දාට පෙර තමන්ට ලබා දිය යුතු බවය. එහෙත් එතරම් හදිස්සියකින් ඒ ලබා ගැනීමේ හැකියාවක් නොමැත. ගොඨාභය පුරවැසිභාවය ඉවත් කරගන්නා බවට අදාල ලියකියවිලි අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී තිබුණේද පසුගිය මැයි මාසයේදීය. ඒ අනුව එම කටයුත්ත සිදු කිරීම සඳහා අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවම වශයෙන් වසරකවත් කාලයක් ගැනීම සාමාන්‍ය තත්වය වේ. එමෙන්ම ගෝඨාභයට එරෙහිව අමරිකාවේ ගොනු කර ඇති නඩු දෙක බරපතල කාරනා වන නිසා එම නඩු විභාග අවසන් වන තෙක් ඔහුට පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ හැකියාවක්ද නොමැත. මේ අතර මෙම ලියවිල්ලම ඉදිරිපත් කර අගමැති රනිල් වික්‍රමසිංහ ලවා ගෝඨාභයගේ මෙරට පුරවැසිභාවය තහවුරු කර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීමේ උත්සාහයක්ද දියත් කර තිබිණි. එහි මූලික සාකච්ඡා වජිර අබේවර්ධන ඇමැතිවරයා සමඟ සිදු කර තිබුණු බවත් අණාවරණය විය. කෙසේ නමුත් ගෝඨා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීම වෙනුවෙන් තැබු මුලික පියවරම බරපතල වංචාවක් වී තිබේ. එය රටට ජාතියට ලෝකයට පමණක් නොව සිය සහෝදරයාට ද කරන ලද වංචාවක් වේ. මේ අනුව මෙවැනි වංචනිකයන් ජනාධිපතිධුරයට පත් වීමෙන් පසුව තව කෙතරම් වංචා කිරීමට පෙළඹේද යන්න ගැන සිතා ගත හැකිය. ඔහු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාව සිටි සමයේදී සිදු කරන ලද බරපතල මුල්‍ය අක්‍රමිකතා ගනනාවක් සම්බන්ධයෙන් චෝදනාවටද ලක්වී ඒවා අධිකරණය හමුවේ විභාගවන නඩු බවටද පත්ව තිබේ. Post Views: 3,432 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print