හේමසිරිගේ හා පූජිතගේ ආරක්ෂාව දැඩි කෙරේ
රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබ සිටින හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු යන මහත්වරුන් ප්රතිකාර ලබන පොලිස් රෝහල් වාට්ටුවට සහ කොළඹ ජාතික රෝහලේ වාට්ටුවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය පවසයි.
ජේලර්වරුන් දෙදෙනකු යටතේ අවි සහිත නිලධාරීන් සිව්දෙනකු (02) සිට මෙම සැකකරුන්ගේ ආරක්ෂාවට යොදවා ඇතැයි රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්රකාශකයෙක් පැවසීය. පවුලේ ඥාතීන්ට හා නීතීඥ මහත්වරුන්ට හැර වෙනත් කිසිවකුටත් මොවුන් දෙදෙනා හමුවීට අවසර ලබා දී නොමැත.