ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ත්‍රිකුණාමලයේ පංච පුද්ගල ඝාතනවලට චෝදනා ලැබු STF සහ පොලිස් නිලධාරීන් නිදහස්

2006 වසරේ ත්‍රිකුණාමලය ගාන්ධි වටරවුමේදී වෙඩි තැබීමකින් පුද්ගලයින් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් 12 දෙනා සහ පොලිස් නිලධාරියා එම චෝදනාවලින් නිදොස් කොට ඇත. ත්‍රිකුණාමලය මහාධිකරණෆය්දී ඊට අදාල තීන්දුව ඊයේ (03) ප්‍රකාශයට පත් කෙරුණි.
ඝාතනනයට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කර ඇති අතර මීට පෙර ද අධිකරණ ක්‍රියාවලියක් මඟින් ඔවුන් නිදහස් කර තිබූ බව නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේය.