ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“යුද හමුදාපතිත් බදියුදීන්ට බයයි” – උදය ගම්මන්පිල

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති වු ගැටුම්කාරි අවස්තාවන්හිදි තමන්ට කිසිදු බල කිරීමක් සිදු නොකල බව යුද හමුදාපිතිවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු තෙරිම් කාරක සභාව ඉදිරියේ දී ප්‍රකාශ කලද ඊට පෙර මාධ්‍ය ඉදිරියෙ හමුදාපතිවරයා කළ ප්‍රකාශ අනුව එය එසේ නොව බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැහැදිලි කියයි . එයින් ඇඟවෙන්නේ හමුදාපතිත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට බිය වී ඇති බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.
ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ (03) දුෂණ විමර්ෂණ කොමිසන් සභාව වෙත පැමිණි මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය ඉදිරියේ මේ බව ප්‍රකාශ කරන ලදි.
මෙවැනි තත්ත්වයක් යටතේ නැවතත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අමාත්‍යධුරය ලබා ගත්තොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලට බලපෑම් එල්ල විය හැකි බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය