NewsSlider තාජුඩීන් ඝාතනය වූ දින අරලියගහ මැඳුරට ආව-ගිය වාහන 4ක් ගැන විමර්ශන June 28, 2019 Kamal Dhammika රගර් ක්‍රීඩක මොහොමඩ් වසිම් තාජුඩීන්ගේ මරණය සිදු වූ දින (2012-05-17) අලුයම අරලියගහ මන්දිරයට සැකසහිත වාහන හතරක් ඇතුළු වී හා පිට වී ඇති අතර, එම වාහන සම්බන්ධයෙන් රහස් පොලීසිය විමර්ශන පවත්වන බව රජයේ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා ඊයේ (27) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සරණි පෙරේරා මහත්මිය හමුවේ දැනුම් දුන්නේය. මෙම වාහන භාවිතා කළ ප්‍රභූවරුන් කවුරුන් ද ? යන්න හා රියැදුරු කවුරුන් ද ? යන්න පිළිබඳ විමර්ශන පවත්වන බවත් නාවික හා යුදහමුදා නිලධාරීන් රියැදුරන් ලෙස සේවය කළ ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත්, වසිම් තාජුඩීන් ඝාතනය සම්බන්ධ විමර්ශන ඉදිරියට ගෙන යන බවත්, ඊට රහස් පොලීසියට කාලය ලබා දෙන ලෙසට රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. වසිම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධව විමර්ශන ඉදිරියට පවත්වාගෙන යන බවත්, දැනට අත්අඩංගුවට ගෙන ඇප මත සිටින සැකකරුවන්ගෙන් පළමු සැකකරු වන නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා යන අය නීතිපතිවරයාගේ නියෝගය අනුව මෙම සිද්ධියෙන් නිදහස් කරන බවත්, දෙවන සැකකරු වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දී නඩු විභාගය සඳහා දින නියම කර ඇති අතර, තෙවන සැකකරුට එරෙහිව අධිචෝදනා මහාධිකරණය හමුවේ ගොනු කිරීමට ඉදිරි දින පියවර ගන්නා බව පැවසීය. සිද්ධිය ඊයේ (27) නැවත කැඳවූ අතර වැඩිදුර වාර්තාවක් මඟින් රහස් පොලීසිය අධිකරණයට සඳහන් කළේ අංක එල්.ඩී 8180, කේ.එල් 9268, පී.ඩී 1387හා කේ.ඒ 9810 යන වාහන සැකලෙස වර්ෂ 2012/5/17 දින එනම් වසිම් තාජුඩීන් ඝාතනය වූ දින අලුයම අරලියගහ මන්දිරයට පැමිණ හා පිටව යා ඇති බවත් එම වාහනවල ලියාපදිංචි හිමිකරුවන් ගෙන්වා ප්‍රකාශ සටහන් කරගෙන යන බවත්ය. තාජුඩීන් ඝාතනය වූ අවස්ථාවේ එම වාහනයේ ගමන් බිමන් චන්ද්‍රකා ඡායාරුප සහිත දර්ශන ලබාගෙන විමර්ශන සිදු කරන බවත්, එවකට අරලියගහ මන්දිරයේ සේවය කළ ආරක්ෂකයන් වශයෙන් කටයුතු කළ යුදහමුදාවේ හා නාවික හමුදාවේ නිලධාරීන් කිහිපදෙනකු සම්බන්ධ විමර්ශන සිදු කරන බවත්, ඔහුන්ගේ රාජකාරි වාර්තා ගෙන්වා වැඩිදුර විමර්ශන පවත්වන බව පැවසීය. සිද්ධියට අදාළව වසිම් තාජුඩීන් භාවිතා කළ ලැප්ටෝප් පරිගණකය මෙන්ම ජංගම දුරකථනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බවට රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. Post Views: 1,913 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print