NewsSlider දංකොටුව සති පොළේ ඕන කෙනෙක්ට වෙළඳාම් කරන්න පුළුවන් – අධිකරණ නියෝගයක් June 28, 2019 Kamal Dhammika සියලුම ජාතීන් නියෝජනය කරන වෙළෙන්ඳන්ට ලබන 23 වැනිදා තෙක් දංකොටුව පොදු වෙළදපොළෙහි කිසිදු බාධාවකින් තොරව වෙළඳම් කටයුතු සිදුකිරීමට ඉඩ සලසන ලෙස මාරවිල මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද ( 28) නියෝග කළේය. මුස්ලිම් ව්‍යාපාරිකයන්ට දංකොටුව පොදු වෙළෙඳපොළෙහි වෙළඳාම් කටයුතු කිරීම තාවකාලිකව නතර කරන ලෙස නියෝග කරමින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ වී සුසන්ත පෙරේරා මහතා නිකුත් කළ ලිපියක් සම්බන්ධයෙන් දංකොටුව පොලිසියට පැමිණිල්ලි ලැබී තිබිණි. එම පැමිණිලි සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා (25) පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සභාපතිවරයාට සහ පැමිණිලි ඉදිරිපත් කළ පුද්ගලයින්ට අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය. ඒ අනුව සභාපතිවරයා ඇතුළු පිරිස අද අධිකරණයේ පෙනී සිටි අතර සභාපතිවරයාගේ නීතීඥවරුන් දැන්වූයේ පොලිසිය ඉදිරිපත් කර ඇති කරුණු අනුව අධිකරණයේ විභාගයක් පවත්වාගෙන යාමට හැකියාවක් නැති බවයි. දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා 23 වැනිදාට ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශ්වයට නියෝග කළේය. ඒ වන තුරු වෙළඳුන්ට බාධාවකින් තොරව වෙළඳාම් කටයුතු කරගෙන යාමට ඉඩ සලසන ලෙස ද නියෝග කළේය Post Views: 720 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print