ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හිස්බුල්ලා බොරු කියයි..! ෂරියා විශ්ව විද්‍යාලයට අරාබි ණයක් ලංකා බැංකුවට ලැබී නැහැ

මඩකලපුව ෂරියා විශ්ව විද්‍යාලය සතු කොල්ලූපිටිය ශාඛාවේ පවත්වා ගෙන යන ගිණුමට සෞදි අරාබියෙන් කිසිදු ණය මුදලක් බැර වී නැතැයි ලංකා බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ පේ‍්‍රෂණ අංශයේ කළමනාකරු ජනක් ප‍්‍රසංග මහතා අද (20) රජයේ ආයතන වල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට ප‍්‍රකාශයක් දෙමින් දැනුම් දී ඇත.
වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ෂරියා විශ්ව විද්‍යාලයට එරෙහිව ගොනු කළ පැමිණිල්ලට අදාළව ප‍්‍රකාශ සටහන් කර ගැනීමට ලංකා බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ ප්‍රේෂණ අංශයේ කළමනාකරු ඊයේ එම කොමිසමේ පොලිස් ඒකකයට කැඳවා තිබිණි. එහිදී එම පොලිස් ඒකකයට ප‍්‍රකාශයක් ලබා දෙමින් එම කළමනාකාරවරයා මේ බව සඳහන් කර ඇතැයි එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පුවත්පතකට පවසා ඇත.
පැමිණිල්ලට අදාළව එම කළමනාකාරවරයාගෙන් ඊයේ පෙරවරුවේ සිට පැය තුනකට ආසන්න කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත් බවද එම නිලධාරියා කියා සිටියේය.
අදාළ විශ්ව විද්‍යාලයට අයත් ගිණුමක් ලංකා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ පවත්වා ගෙන ගියද සෞදි අරාබියෙන් ලැබුණ කිසිදු ණය මුදලක් එම ගිණුමට බැර වී නොමැති බවත් , එවැනි මුදල් තැන්පත් කිරීමට මහ බැංකුවේ විශේෂ අවසරයක් ඇතිව සිදු කළ යුතු ක‍්‍රියාවලියක් බවත් ලංකා බැංකු ප‍්‍රධාන කාර්යාලයේ පේ‍්‍රෂණ අංශයේ කළමනාකරුගේ ප්‍රකාශයේ සඳහන් වෙතැයි දැන ගන්නට තිබේ.
රජයේ ආයතන වල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය මීට පෙර නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.ඒ .එල්.එම්.හිස්බුල්ලා මහතාගෙන් ඉකුත් 14 වැනිදා පැය තුනක කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත් අතර එහිදී ඔහු පැවසුවේ එම විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු සඳහා සෞදි අරාබියෙන් ණය මුදලක් ලබා ගත් බවයි.