ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බදියුදීන්ට – හිස්බුල්ලාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 2ක්

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි. මෙම පැමිණිලිවල විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ත්‍රස්ත ක්‍රියාවලට අනුබලදුන් බවට චෝදනා කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් රාවණාබලය සංවිධානය පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ඉකුත් 15 වනදායි.

එමෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අධිකරණයට අපහාස කිරීම සහ බලපෑම් කර ඇති බව පවසමින් ඊට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් ද පොලිස් මුලස්ථානයට පසුගිය 24 වනදා පැමිණිල්ලක් සිදු කලේය.