පිලියන්දල පොලිසියේ යකා නැටූ දිනේෂ්ගේ පක්ෂයේ මන්ත්රී ඇතුළු පිරිසට ඇප
මත්පැන් පානය කර පිලියන්දල පොලිසිය තුළ දී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා ලද බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සලෝචන ගමගේ මන්ත්රීවරයා ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මහේස්ත්රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරියේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ පක්ෂයේ මන්ත්රී සලෝචන ගමගේ ,ෂම්මි නයනජිත් හෙට්ටිආරචිචි,ඩබ්ලිව්.ජී.වසන්ත,දයාසිරි පෙරේරා,ටී.ඩබ්ලිව්.ඩී සම්පදි,ඩී.කේ දමින්ද හා ඇනස්ලි රෝහිත යන අයවලුන්වය.
හිටපු මන්ත්රීවරයාගේ රියදුරු මත්පැන් පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පිලියන්දල පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් පසු සැකකාර මන්ත්රීවරයා ඇතුළු පිරිස බීමත්ව පොලිසිය තුළට කඩා වැදී ස්ථානාධිපතිවරයාට සහ සෙසු පොලිස් නිලධාරීන්ට බැන වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඔවුන් පිරිස ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්රී සලෝචන ගමගේ මහතා පසුගියදා (17) අත්අඩංගුවට ගත්තේය. පොලීසිය පැවසුවේ, ඔහු සමඟ තවත් පුද්ගලයින් අටදෙනකු අත්අඩංගුවට ගත් බවයි. පසුව ඔවුන් සියලු දෙනා පොලිස් ඇප මත මුදාහැර තිබුනි.