ෂැංග්රි-ලා බෝම්බකරුගේ කම්හලට තඹ සැපයීමට ජනාධිපති කාර්යාලයත් නිර්දේශ කරලා
පාස්කු ප්රහාරයේ ෂැංග්රි-ලා හෝටලය වෙත බෝම්බ ප්රහාර එල්ල කරමින් මරාාගෙන මැරුණු පුද්ගලයාට අයත් ක්ලෝසස් කර්මාන්ත ශාලාවට තඹ සැපයීමට ජනාධිපති කාර්යාලය විසින් නිර්දේශ කර ඇති බව ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
එජාප පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා විවාදයට එක්වෙමින් ප්රකාශ කළේ අදාල පුද්ගලයාට අබලි තඹ ටොන් 500 ක් පමණ ලබාදීමට කටයුතු කරන ලෙස නිර්දේශ කරමින් ජනාධිපති කාර්යාලය විසින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවයි.
මෙම ලිපිය සඳහා අත්සන් තබා ඇත්තේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්රී, එවකට ජනාධිපති මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජෙනරාල් ශාන්ත බණ්ඩාර මහතා විසිනි.
අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ක්ලෝසස් පුද්ගලික සමාගම යනු විශාල වශයෙන් විදේශ විනිමය උපයන ආයතනයක් බවයි.
මෙම ලිපිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත්ව සිටියේද යන්න තමා නොදන්නා බවත්, මෙම ලිපිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.

(LNW)