NewsSlider ජනපති සිරිසේනගේ ශ්‍රිලනිප මන්ත්‍රී මස්තාන් අන්තවාදීන්ට පොදු සමාවක් ඉල්ලයි. May 10, 2019 Kamal Dhammika පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් හා සබඳතා පැවැත්වූ බවට තහවුරු වී ඇති සහ ඒ සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන්ට පොදු සමාවක් ලබාදෙන ලෙස ජනපති සිරිසේනගේ ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් රජයෙන් ඉල්ලා සිටී. අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඔවුන්ට පොදු සමාවක් දී නැවත නිවැරදිව සමාජගත වීම සඳහා අවස්ථාවක් ලබාදිය යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූයේ අතිශය සුළුතර මුස්ලිම් ජාතිකයන් පිරිසක් බැවින් සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙසම සැකයෙන් බැලීම සුදුසු නොවන බවත් අප්‍රේල් 21 වැනිදාට පෙර ඔවුන් ජීවත් වූ ආකාරයෙන්ම සාමකාමීව ජීවත් වීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බවත් කාදර් මස්තාන් මන්ත්‍රීවරයා පවසයි. Post Views: 702 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print