ColomboXnews

News | Gossip | Political | Entertainment

Slidervariety

ඕස්ට්‍රේලියාවේ වැවක් රෝස පැහැ වෙයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙස්ට් ගේට් උද්‍යානයේ වැවක් ස්වභාවිකව රෝස පැහැයට හැරී ඇති අයුරුයි මේ. වැඩි හිරු එළිය, අඩු වර්ෂාපතනය සහ උණුසුම් උෂ්ණත්වය මගින් වැවේහි ඇල්ගී විසින් බීටා කැරොටීන් ලෙස හඳුන්වන රතු වර්ණක නිපදවමින් මෙම වර්ණ ගැන්වීම සිදු කරන බව පැවසේ.

2013 වසරේ සිට සෑම වසරකම ගිම්හාන කාලයේ දී සිදු වන මෙම විපර්යාසය සංචාරකයින් ගේ සිත් ඇද බැඳ ගැනීමට සමත් වී තිබේ. රෝස වැවට ගැළපෙන ‍වර්ණ වලින් සැරසී ඡායාරූප ගැනීම මෙම ස්ථානයේ සුලබ දර්ශනයකි.

මෙවන් වැව් ඕස්ට්‍රේලියාවේ මෙන්ම ස්පාඤ්ඤය, කැනඩාව සහ සෙනගල් රාජ්‍යයේ ද දැකිය හැකි බව වාර්තා වේ.